යුපුන් අබේකෝන්ට ඔලිම්පික් වරම්..

වසර 25කට පසු මීටර් 100 වෙනුවෙන් ලාංකික ක්‍රීඩකයෙක් ඔලිම්පික් වරම් ලබයි

by Staff writer 03-07-2021 | 8:38 PM

COLOMBO (News 1st) - මීටර් 100 දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් සපුරාලූ ක්‍රීඩකයෙකු ලෙස සහභාගී වන බව අද(03) තහවුරු කර තිබේ.

මීටර් 100 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 51 වැනි ස්ථානයේ පසු වන යුපුන් අබේකෝන්, ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩයින් 56 දෙනා අතරින් 45 වැනි ස්ථානයේ රැඳී සිටී. 1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල නියෝජනය කළ චින්තක ද සොයිසාගෙන් වසර 25 කට පසු ඔලිම්පික් උළෙල මීටර 100 ඉසව්ව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා ද වන්නේ යුපුන් අබේකෝන් ය.