එංගලන්තයට පහසු ජයක්..

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට පහසු ජයක්..

by Staff writer 29-06-2021 | 11:07 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක එංගලන්තය කඩුලු 5 කින් අද ජය ගත්තේය.

ලකුණු 186ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම, තරගය ජය ගත්තේ පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී තිබියදීය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර නායක කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේය. මුල් පෙල කඩුලු 3 ලකුණු 46කදී බිඳ වැටීමෙන් අනතුරුව පිටියේ ස්ථාවර වූ නායක කුසල් ජනිත් පෙරේරා සහ වනිදු හසරංග සිව්වැනි කඩුල්ලට ලකුණු 99ක සබඳතාවක් ගොඩනැගුවේය. 3 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ වනිදු හසරංග ලකුණු 54ක් ලබාගත්තේය. 15 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ නායක කුසල් ජනිත් පෙරේරා ලකුණු 73ක් රැස් කළේය. ක්‍රිස් වෝක්ස් ලකුණු 18ට කඩුලු 4යි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 185කි.