T20 ලෝක කුසලාන සත්කාරකත්වය කාට ද?

මෙවර T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයටද?

by Staff writer 26-06-2021 | 6:34 PM

News 1st - මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉන්දියාවේ සත්කාරකත්වයෙනි. නමුත් පවතින ⁣කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය ඉන්දියාවේ නොපවත්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් වාර්තාවන්හි දැක්වුණේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අදාළ තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව, තරගාවලිය ලබන ඔක්තෝබර් 17 වැනි දා සිට නොවැම්බර් 14 වැනි දා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වුණේ, පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) වෙත නිල වශයෙන් දැනුම් දී නොමැති බවය.