ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනුම්දීමක්

ඔලිම්පික් උළෙලට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොරෝනා එන්නත් ලබා ගැනීම සුදුසුයි - බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමය

by Staff writer 25-06-2021 | 3:18 PM

News 1st - එළඹෙන ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර ඒ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොරෝනා එන්නත් ලබා ගැනීම සුදුසු බව බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ ඇන්ඩි ඇම්සන් මහතා සඳහන් කර ඇත්තේ, ක්‍රීඩා උළෙලට පෙර බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90%කට පමණ කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකි බවයි. කෙසේ වෙතත් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටොකියෝ නුවරදී ලබන මස 23 වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.