COLOMBO (NEWS1ST) : ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී පසුගිය 16 වනදා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයා සඳහන් කරන පරිදි,
? අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව බලශක්ති අමාත්‍යවරයා විසින් ඉන්ධන මිල ඉහළ දැමීම,
?ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදීම,
?අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කර ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටු නොකිරීම,
?තෙල් ස්ථායිකරණ අරමුදලට සිදුවූයේ කුමක්ද යන්න ජනතාවටත් , පාර්ලිමේන්තුවටත් දැන්වීමට අපොහොසත් වීම
ඇතුළු කරුණු 10ක් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට හේතු වී තිබේ.