by Staff writer 19-06-2021 | 7:58 PM
COLOMBO (News 1st) - වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 17,026 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කළේ, පොලිස් මූලස්ථානයේ අද(19) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
හෙරොයින් කිලෝග්‍රෑම් 408 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 298 ක් සහ ගංජා කිලෝග්‍රෑම් 2,166 ක් මෙම කාලය තුළ පොලීසිය භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඔත්තු ලබාදෙන පුද්ගලයින්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරන බවත්, මුදල් ත්‍යාග ලබාදෙන බවත් ඔහු සඳහන් කළේ ය.
1997 යන ක්ෂණික දුරකතන අංකයට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ද ලබාදිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.