කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ...

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව...

by Sagarika Chathumali 18-06-2021 | 12:54 PM

COLOMBO (NEWS1ST) :  ගෙවුණු දිනයේ (17) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,372 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 562 යි. (වැඩිම ආසාදිතයින්) ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 455 යි ⭕ කුරුණෑගල දිස්ත්‍රික්කය – 234 යි. ⭕ රත්නපුර දිස්ත්‍රික්කය – 217 යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 233,064 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 25,256 කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 195,434 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය (16) වනදා සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ 51 පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (17) තහවුරු කර තිබිණ. මිය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 31 දෙනෙකු සිටින අතර ඉතිරි 20 දෙනා කාන්තාවන් ය.