by Sagarika Chathumali 16-06-2021 | 9:55 AM
COLOMBO (NEWS1ST) : සංචරණ සීමා ක්‍රියාත්මක වූ ඊයේ (15) දිනයේ ත් මෙරට මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එලෙස මිය ගිය පිරිසෙන් වැඩි දෙනා යතුරුපැදිකරුවන් සහ යතුරුපැදිවල පිටුපස ගමන් ගත් පිරිස් බවයි.
මීට අමතරව සංචරණ සීමා ක්‍රියාත්මක මෙම කාලයේ අතුරු මාර්ගවල අධික වේගයෙන් රිය ධාවනය කරන බවට වාර්තා වී ඇතැයි, ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.