home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දිනයේ (15) කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ
by Sagarika Chathumali
16-06-2021 | 11:52 AM
COLOMBO (NEWS1ST) : ගෙවුණු දිනයේ (15) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,334 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එලෙස හඳුනා ගත් ආසාදිතයින් අතරින් 59 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් අතරින් හඳුනා ගෙන තිබේ. ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 546 යි. (වැඩිම ආසාදිතයින්) ⭕ කළුතර දිස්ත්‍රික්කය – 268 යි ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 250 යි. ⭕ නුවරඑළිය දිස්ත්‍රික්කය – 162 යි ⭕ මහනුවර දිස්ත්‍රික්කය – 161 යි අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.
ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 228,256 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 33,518 කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 192,478 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය (14) වනදා කොරෝනා ආසාදිත මරණ 55 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (15) තහවුරු කර තිබිණ. මියගිය පිරිසෙන් 33 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 22 දෙනා කාන්තාවන් ය.
වෙනත් ලිපි
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගගෙන් ලිපියක්
අති විශේෂ ගැසට් නිවේදනයක්...
දේශබන්දු තොන්නකෝන් යළි රිමාන්ඩ්...
දේශබන්දු අධිකරණයට රැගෙන එයි
පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනි දා
ශ්‍රී ලංකාවේ CIA කාර්යාලයක් තිබූ බවට අනාවරණයක්?
විශේෂාංග
යකඩ හදවතකට පණ දුන් ඔස්ට්‍රේලියා වෛද්‍යවරුන්ගේ අරුම
ලොවක් වසඟ කළ ''මැණිකේ මගේ හිතේ'' නැවතත් කරළියට
ඉන්දීය අගමැති මෝදි විවෘත කළ අම්බානිගේ සුපිරි අභය
2025දී පවුලක් සඳහා ජීවත්වීමට හිතකර රට ශ්‍රී ලංකාව
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
යකඩ හදවතකට පණ දුන් ඔස්ට්‍රේලියා වෛද්‍යවරුන්ගේ අරුම
ලොවක් වසඟ කළ ''මැණිකේ මගේ හිතේ'' නැවතත් කරළියට
ඉන්දීය අගමැති මෝදි විවෘත කළ අම්බානිගේ සුපිරි අභය
2025දී පවුලක් සඳහා ජීවත්වීමට හිතකර රට ශ්‍රී ලංකාව
ඔලිම්පික් පදක්කම්වල පාට වෙනස් වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය