ලෝක ටෙස්ට් ශූරයින්ට දෙන තෑගි මුදල මෙන්න

ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල ICCය හෙළි කරයි..

by Staff writer 15-06-2021 | 10:15 AM

COLOMBO (News 1st) - ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ, ජය හිමි කර ගන්නා කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 කි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වේ. එම තරගය ලබන 18 වැනිදා එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී ආරම්භවීමට නියමිතය.