කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ගෙවුණු දවසේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව…

by Sagarika Chathumali 15-06-2021 | 11:28 AM

COLOMBO (NEWS1ST) :ගෙවුණු දිනයේ (14) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2284 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 526 යි. (වැඩිම ආසාදිතයින්) ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 287 යි. ⭕ රත්නපුර දිස්ත්‍රික්කය – 260 යි ⭕ කළුතර දිස්ත්‍රික්කය – 155 යි ⭕ ගාල්ල දිස්ත්‍රික්කය – 134යි ⭕ නුවරඑළිය දිස්ත්‍රික්කය – 123යි අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.     ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 225,922 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 33,255 කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 190,464 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර පසුගිය 13 වනදා සිදුවූ කොරෝනා ආසාදිත මරණ 57ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කරනු ලැබිණ. මියගිය පිරිසෙන් 32 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 25 දෙනා කාන්තාවන් ය.