ලංකාව පැරදු දකුණු කොරියාවට ජය

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ පාපන්දු තරග: ශ්‍රී ලංකාව පැරදූ දකුණු කොරියාවට ජය

by Staff writer 10-06-2021 | 12:33 PM

News 1st - 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සමග ඊයේ (09) පැවැති තරගයෙන් සත්කාරක දකුණු කොරියාව ගෝල 5ට 0ක් ලෙස ජය ගෙන තිබේ.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු කලාපීය සුදුස්සන් තේරීමේ තරගාවලි⁣යේ දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව H කාණ්ඩයෙන් තරග කරයි. සත්කාරක දකුණු කොරියා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 39 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එහි රැඳී සිටින්නේ 204 වැනි ස්ථානයේය. දකුණු කොරියා කණ්ඩායම 15වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළේය. 22 වැනි සහ 43 වැනි මිනිත්තුවලදී තවත් ගෝල 2ක් ලබා ගත් දකුණු කොරියාව පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ගෝල 3ට 0ක් ලෙසය. දෙවැනි අර්ධයේදී සත්කාරක කණ්ඩායම තවත් ගෝල 2ක් රැස් කළ අතර අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ ද ශ්‍රී ලංකාවට ගෝල රැස් කිරීමට හැකි වූයේ නැත. ඒ අනුව තරගය අවසන් වූයේ, ගෝල 5ට 0ක් ලෙස දකුණු කොරියාවට ජය හිමිකර දෙමිනි. කිම් ෂින් වූක් ගෝල 2ක් ලබා ගත්තේය.