ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ

ශ්‍රී ලංකාව සමග තරගයේදී අසභ්‍ය වචන කියූ ටමීම් ඉක්බාල්ට ICC යෙන් දඩ..

by Staff writer 30-05-2021 | 9:20 AM

News 1st - අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් නායක ටමීම් ඉක්බාල්ට දඩ නියම කර තිබේ.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල රීති උල්ලංඝණය වන ලෙස කටයුතු කිරීම හේතුවෙනි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර තරගයකදී අසභ්‍ය වචන භාවිත කිරීමේ වරද ඔහු සිදු කර ඇති බවයි. ඒ අනුව අදාළ තරගයේ තරග ගාස්තුවෙන් 15% ක මුදලක් දඩ ලෙස නියම කර ඇත. මේ අතර ඉක්බාල්ට දඬුවම් ලකුණක් ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.