ත්‍රී බයි ත්‍රී පැසිපන්දු: ශ්‍රී ලංකාවට පරාජයක්

ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම: ත්‍රී බයි ත්‍රී පැසිපන්දු තරගයෙන් ශ්‍රී ලංකාව නෙදර්ලන්තය හමුවේ පරදී..

by Staff writer 30-05-2021 | 2:39 PM

News 1st - මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා වන ත්‍රී බයි ත්‍රී පැසිපන්දු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම ජය ගෙන තිබේ.

ඒ, ලකුණු 22ට 3ක් ලෙසය. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා වන ත්‍රී බයි ත්‍රී පැසිපන්දු සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඔස්ට්‍රියාවේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි C කාණ්ඩයෙන් තරග කරනු ලැබේ.