ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මානයට..

ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන මානයට..: බංග්ලාදේශයට ලකුණු 437ක ඉලක්කයක්

by Staff writer 02-05-2021 | 10:03 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද සිව්වැනි දිනටත් පැවැත්විය.

ලකුණු 437ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම අද තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 177කි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 493ක් රැස් කර ඉනිම අත්හිටුවිය. බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 251 ක් පමණි. ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 66 ක් රැස් කළේය. ධනංජය ද සිල්වා ලකුණු 41 ක් ලබා ගත්තේය. කඩුලු 9ක් දැවී ලකුණු 194 ක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමද අත්හිටුවීමට පියවර ගත්තේය. ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට හිමි වූ ඉලක්කය ලකුණු 437කි. අද දිනය තුළ බංග්ලාදේශයේ මුල් පෙළ කඩුලු 5 ලකුණු 171කදී අද බිඳ වැටුණි. නායක මොමිනුල් හක් ලකුණු 32ක් රැස් කළ අතර මුෂ්ෆිකර් රහීම් ලකුණු 40යි. රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 ක් දවා ගත් අතර ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 2 ක් දවා ගත්තේය.