පොල්ගොල්ල ජලාශය අද හිස් කෙරේ..

පොල්ගොල්ල ජලාශය අද හිස් කෙරේ..

by Staff writer 11-03-2021 | 6:17 AM

COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල, මහවැලි වේල්ලේ ජලය අද රාත්‍රී 11.00 සිට මුළුමනින්ම හිස් කිරීමට සිදුවන බව පොල්ගොල්ල මහවැලි වේල්ලේ කාර්ය භාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා පවසයි.

මේ හේතුවෙන් ජලාශයේ පහළ කොටසේ ජනතාව මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස කාර්ය භාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් ඉල්ලා සිටි.
පොල්ගොල්ල මහවැලි වේල්ලේ කාර්ය භාර ඉංජිනේරු, අතුල පුෂ්පකුමාර මහතා, "පහළ කොටසේ කට්ටියට ප්‍රවේශසම් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. පොල්ගොල්ල ජලාශය වාර්ෂික නඩත්තු වැඩසටහන යටතේ තමයි මේක සැලසුම් කරලා තියෙන්නේ. 12 වැනි දා පාන්දර සිට 13 වැනි දා දක්වා සිදු කිරීමට බලාපොරෙත්තු වෙනවා ඉන් පස්සේ තමයි ජලාශය නැවත පිරවීමට. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.