COLOMBO (News 1st) : ගෙවී ගිය දිනයේ මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 802 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75,654 ක් දක්වා ඉහළ ගියේ ය.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයෙකු වන අතර ඉතිරි අසාදිතයින් 801 දෙනාම හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි.
හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ සංඛ්‍යා 238කි.
ඊට අමතරව, ගම්පහ (162)ක් , කළුතර (68)ක් , රත්නපුර (45)ක් , සහ නුවරඑළියෙන් (38)ක් ලෙස ආසාදිතයින් වාර්තා වී වාර්තා වී තිබේ.
ඊයේ දිනය තුළ පුද්ගලයින් 865 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 88,696ක් දක්වා ඉහළ ගියේ ය.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන , ආසාදිතයින් සංඛ්‍යාව 6561කි.
තව ද මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 397ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ, ඊයේ තවත් මරණ 7ක් වාර්තා වීමත් සමගයි.
එම මරණ වාර්තා වී ඇත්තේ, යාපනය, පේරාදෙණිය, මහවෙල, කුරුණෑගල, ගම්පොල, අංගොඩ සහ ගොතටුව යන ප්‍රදේශවලිනි.
ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92 ක් තුළ පුද්ගලයින් 9,089දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (14) දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරික්ෂණ සංඛ්‍යාව 16,866 කි.