අක්කරෙයිපත්තුවේදී කොස්තාපල්වරයෙකු ඝාතනය කෙරේ

අක්කරෙයිපත්තුවේදී කොස්තාපල්වරයෙකු ඝාතනය කෙරේ.. සැකකරු අත්අඩංගුවට

by Staff writer 10-12-2020 | 9:16 AM
COLOMBO (News 1st) : කාත්තන්කුඩි පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අක්කරෙයිපත්තුවේදී ඝාතනය කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , රාජකාරියෙන් මිදී සිටි අවස්ථාවකදී සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. 35 හැවිරිදි අදාළ කොස්තාපල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ ඥාතියෙකු බවට ද වාර්තා වී ඇත.