LPL ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා..

LPL ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා..

by Staff writer 21-11-2020 | 3:27 PM

COLOMBO (News 1st) –ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට පැමිණි ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

විදෙස් වාර්තා පවසන්නේ, පකිස්ථානයේ සොහේල් තන්වීර් සහ කැනඩාවේ රවීන්ද්‍රපාල් සිං යන ක්‍රීඩකයින් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවය. සොහේල් තන්වීර් මෙවර LPL තරගාවලියේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය. මේ අතර රවීන්ද්‍රපාල් සිං තරග කරන්නේ, කලම්බු කිංග්ස් කණ්ඩායමටයි. ආසාදිත ක්‍රීඩකයින් දෙදෙනා අනෙකුත් ක්‍රීඩකයින්ගෙන් වෙන් කොට වෙනත් හෝටලයක නිරෝධායනයට ලක් කර ඇති බව ද අදාළ විදෙස් වාර්තාවේ දැක්වේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, තරගාවලියට එක්වන ක්‍රීඩකයින්ගෙන් සහ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. ඒ අනුව තරගාවලියට සහභාගී වීම සඳහා මෙරටට පැමිණෙන ක්‍රීඩකයින් පැය 72 ක කාලයක් තුළ සිදු කළ PCR පරීක්ෂණ දෙකකදී තමන් ආසාදිතයන් නොවන බවට තහවුරු කළ යුතු බව ද ඔවුන් මෙරටට පැමිණීමෙන් අනතුරුව නැවතත් PCR පරීක්ෂණ සඳහා යොමු කෙරෙන බව ද අදාළ නිවේදනයේ දැක්වේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, එලෙස මෙරටට පැමිණීමේදී සිදු කළ PCR පරීක්ෂණවලදී ක්‍රීඩකයින් දෙදෙනෙකු ආසාදිතයන් බවට තහවුරු වී ඇති බවයි.