LPL පුහුණුකරුවෙකුට කොරෝනා...

LPL පුහුණුකරුවෙකුට කොරෝනා...

by Staff writer 18-11-2020 | 1:13 PM

News 1st - ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන එංගලන්තයේ කබීර් අලීට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, ඒ හේතුවෙන් තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිෂ්චිත තත්ත්වයක පවතින බවයි. මීට පෙර කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේ ඩේව් වට්මෝර්. කෙසේ වෙතත් කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කවුරුන් ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනි දා අරම්භ වීමට නියමිතය.