ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් අනතුරකින් මරුට

ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් පුහුණුවීමක් අතරතුර මරුට

by Sagarika Chathumali 18-11-2020 | 10:32 AM
COLOMBO (News 1st) : ප්‍රංශ ජාතික ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් ඩුබායිහි පුහුණුවීමක් අතරතුර සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 36 හැවිරිදි රීෆෙට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් මිය ගිය බව සඳහන් වුව ද අනතුර සම්බන්ධයෙන් වැඩි විස්තර වාර්තා කර නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි. පසුගිය මාසයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රීෆෙට් පවසා ඇත්තේ, බොහෝ සිහින තිබුණ ද ජීවිතය කෙටි බවයි. රීෆෙට්ගේ ගුවන් කරණම් බොහෝ අවස්ථාවල සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රසිද්ධියක් ඉසිලූ අතර එක් අවස්ථාවකදී සිය සගයෙකු වන ප්‍රංශ ජාතික ෆ්‍රෙඩ් ෆියුගන් සමග කන්දක සිට චලනය වන ගුවන් යානකට ද පැන දස්කම් පෙන්වා තිබිණ.