බලවත් චීන ධූත පිරිසක් දිවයිනට

හිටපු විදේශ ඇමති ඇතුළු බලවත් චීන ධූත පිරිසක් දිවයිනට

by Staff writer 08-10-2020 | 7:47 PM

COLOMBO (News 1st) - චීනයේ හිටපු විදේශ අමාත්‍ය සහ කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැන් ජියේචිගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

දූත පිරිස හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවනු ඇති. කොළඹට පැමිණෙන දූත පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය නියම කර ඇති දැඩි සෞඛ්‍ය නීතිරිති යටතේ ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා හමුවන්නේ අවස්ථා දෙකකදී පමණක් බව සඳහන්ය. ඔවුන් එම සංචාරයේ නිරත වන්නේ ගෝලීය කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය සම්බන්ධව දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිවයි. චීනයේ ප්‍රබල ධුත පිරිසක් මෙරටට පැමිණෙද්දී ඉන්දීයාව, අමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය ටෝකියෝ නුවරට රැස්වී චීන භූ දේශපාලන ක්‍රියාකාරකම් ගැන තීරණාත්මක සාකච්ඡාවක නිරතවෙමින් සිටි. රටවල් හතරේ විදේශ අමාත්‍යාවරුන් සහභාගීවන මෙම සමුළුව හඳුන්වන්නේ කොඩ් සමුළුව ලෙසයි. නිදහස් ඉන්දු, පැසිෆික් ප්‍රවේශය ගැන පුළුල් ලෙස සාකච්ඡා කළ විදේශ අමාත්‍යවරුන් ඉන්දීය සාගර කලාපයේ නිදහසේ ගමන් කිරීමට සෑම පාර්ශවයකට අවස්ථාව තිබිය යුතු බව අවධාරණය කර තිබේ. අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අඟහරුවාදා ටෝකියෝ නුවර පැවති රැස්වීමකදී “සූරාකෑම, දූෂණය සහ බලහත්කාරය” සම්බන්ධයෙන් චීනයට චෝදනාවක් එල්ල කළේ ය. https://youtu.be/KGzDcw_hFfs

විශේෂාංග