ඉල් මැසි උවදුරින් පීඩා විඳින හේවාහැට ගොවීන්

මැස්සෙක් නිසා බලාපොරොත්තු සුන් වූ හේවාහැට ගොවීන්

by Staff writer 05-07-2020 | 9:59 PM

COLOMBO (News 1st) –  මහනුවර, හේවාහැට ප්‍රදේශයේ ගොවීන් මේ දිනවල දැඩි පීඩාවක් විඳින්නේ ඉල් මැස්සගෙන් ය.

හේවාහැට, බූටාවත්ත ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. කොරෝනා එක්ක ඇඳිරි නීතිය දාපු කාලේ මේ අය කළේ පුරන් වුණ කුඹුරුත් එළි පෙහෙළි කරලා නොයෙකුත් බෝග වවන එකයි. බලාපොරොත්තු ගොන්නක් එක්ක කව්පි, වට්ටක්කා, පතෝල, කරවිල, වැටකොළු, වගා කළේ ය. ඒ අතරේ ඉල් මැස්සා පැතිරෙන්න පටන් ගත්තේ ය.
වගා කරපු සියල්ල විනාශ වෙන දිහා දුක්මුසුව බලා ඉන්න ගමයි වෙලා තියෙන්නේ.
ඉල් මැස්සා වගේම තවත් කෘමීන්, පණුවන් බෝවෙලා තියෙන නිසා වගා කරපු දේවල් බේරගන්න එක පහසු නොවේ. මේ පිළිබඳව ගම්මුන් මෙසේ සිය හඬ අවිදි කළේය.
"කොරෝනා කාලේ අපි මේවා වගා කළේ එළි පෙහෙළි කරගෙන කැළෑ සුද්ද කරගෙන රජයෙන් අපිට කිව්වා මේවා සුද්ද කරලා වගා කරන්න කියලා. දැන් මේවල පණුවෝ එතනින් එහාට මැස්සෝ. කෘෂිකර්මේ එහෙම කිසි කෙනෙක් ආවේ නෑ බලන්න" "බොහොම අමාරුවෙන් තමයි ඉන්නේ. ඔක්කෝම විනාශ වෙනවා කුඩා සතෙක් මැස්සෙක් ඇවිල්ලා ඒවට බෙහෙත් නිර්දේශ කරලා දුන්නත් ඒවා සාර්ථක වෙන්නෙ නෑ. ඒවා ගැහුවත් වියදම විතරයි. අපි තවත් අනාථ වෙන එක තමයි වෙන්නේ" අව්වට, වැස්සට අහුවෙලා බේරගන්න වගාව මැස්සට අහුවෙලා වැනසිලා යන එක ගැන මේ ගොවීන්ට තියෙන්නෙ ලොකු කණගාටුවකි.