ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වෙයි

පකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වෙයි

by Chathuranga Rajapaksha 13-06-2020 | 3:13 PM
COLOMBO (News 1st): පකිස්ථාන හිටපු ක්‍රිකට් නායක ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී ඇත. අෆ්රිඩි විසින් ඒ බව ට්ව්ටර් පණිඩුවඩයක් හරහා ප්‍රසිද්ධ කරනු ලැබ තිබේ. ඔහු එම ට්ව්ටර් පණිඩුවඩයෙන් පවසා ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොමැති බවත් පසුව කරන ලද පරීක්ෂණවලදී කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ බව ය. තමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලෙස ද ෂහිඩ් අෆ්රිඩිගේ ට්ව්ටර් පණිඩුඩයේ වැඩිදුරටත් දැක්වේ.