by Staff writer 12-05-2020 | 12:00 PM
COLOMBO (News 1st) : ධවල මන්ධිර කාර්යය මණ්ඩල සාමාජිකයින්ට මුව ආවරණ පැළදීමට නියෝග කර තිබේ.
ඒ එම කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වීම හේතුවෙනි.
විදෙස් වාර්තා අනාවරණ කළේ අමෙරිකානු උප ජනපති මයික් පෙන්ස්ගේ සහයකයෙකුට හා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික සේවකයෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි.
කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම බලපෑම එල්ල වී ඇති රට අමෙරිකාව වුවත් පසුගිය දිනවලදී ධවල මන්ධිර සේවකයින් මුව ආවරණ පැළදීම සිදුකළේ නැහැ.
අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 81,769 කි.