21 ප්‍රහාරය:සැකකටයුතු ලිපි ලේඛන රැසක් සොයාගනී

21 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකුගේ පුහුණු මධ්‍යස්ථානයකින් ලිපි ලේඛන රැසක් සොයා ගනී

by Staff writer 04-05-2020 | 11:22 AM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථානයේ තිබී ඔහුට අයත් සැක කටයුතු පොත්පත් හා ලිපි ලේඛන සොයාගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මුන්දලම, මදුරන්කුලිය ප්‍රදේශයේ මෙම පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අද කොටුව මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය පැවසුවේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණි.