ස්වයං නිරෝධායන ප්‍රතික්ෂේප කළොත් දේපොළ රාජසන්තකයි

ස්වයං නිරෝධායන ප්‍රතික්ෂේප කළොත් දේපොළ රාජසන්තකයි - පොලීසිය

by Staff writer 18-03-2020 | 1:00 PM

COLOMBO (News 1st) - ස්වයං නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන පුද්ගලයින්ගේ දේපොළ රාජසන්තක කරන බව පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මාර්තු 01 වැනි දා සිට 09 වැනි දා දක්වා කාලය තුළ දිවයිනට පැමිණි සියලුදෙනා ස්වයං නිරෝධායනයට ලක්විය යුතු බව දැනුම්දී ඇති බවය. ඔවුන්ගේ නිවාස හඳුනාගෙන මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද උදෑසන නිව්ස්ෆස්ට් සමග සංවාදයකට එක්වෙමිනි.