කොදෙව් කණ්ඩායම 20 යි 20 තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකාව කොදෙව් කණ්ඩායම 20 යි 20 තරගාවලිය ජය ගනී

by Staff writer 07-03-2020 | 10:14 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ ය. ඒ දෙරට අතර ඊයේ රාත්‍රියේ පැවැති දෙවැනි 20 යි 20 තරගය කඩුලු 7 කින් ජය ගනිමිනි. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසිය දිනු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 155 කි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 23 යි. දසුන් ශානක නොදැවී ලකුණු 31 ක් රැස් කළ අතර සහ තිසර පෙරේරා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 21 කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩකයින් පන්දුවාර 17 ක් අවසනයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ය. ඔන්ඩ්‍රේ රසල් නොදැවී ලකුණු 40 ක් රැස් කළේ ය. ශිම්රෝන් හෙට්මයර් නොදැවී ලකුණූ 43 ක් රැස් කළේ ය. මෙම තරගයේදී කුසල් ජනිත් පෙරේරා සහ වනිදු හසරංග ආබාධයන්ට ලක් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව පරාජයට පත් වූ 7 වැනි 20 යි 20 තරගය මෙය වන අතර අඛණ්ඩව පරාජයට පත් වු 3 වැනි 20 යි 20 තරගාවලිය මෙය වේ.