සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දරුවන් බියගන්වා ඔවුන්ගේ නිරුවත් රූප සහ වීඩියෝ ලබාගෙන අළෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
පෙබරවාරි
10, 2020
යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ට නිරුවත් වීඩියෝ පටිගත කර එවන්නැයි සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කළ ජ්‍යෙෂ්ඨ සිසුවකු ගැන පරීක්ෂණ
පෙබරවාරි
07, 2020
සමාජ මාධ්‍යයන්හි පළ වූ ලිපියක් කියවා සුවපත් දිවියක් සඳහා ගජමදාරා පත්‍රවල යුෂ පානය කළ තරුණයකු ගම්පහ දී මියයයි
.
පෙබරවාරි
02, 2020
ජාතික අපරාධ කියන යෙදුම අපි කාටත් හුරුයි
.
ඒත් ඒ යෙදුම නිතර භාවිත වන සන්දර්භයෙන් එළියේ පාවිච්චි කරන්න අපට දැන් සිදුවෙලා තිබෙනවා
.
ඉන්ටර්නෙට් පදනම් කරගත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අපේ තරුණ දරුවන් අද මුහුණදෙන්නේ ඉතාමත් ම අනතුරුදායක තත්ත්වයකට
. 2020
පෙබරවාරි මාසයේ පළමු දවස්
10
විතරක් සැලකිල්ලට ගනිමු
.
රටේ විවිධ ප්‍රදේශවල ඇතිවුණු බරපතළ සිද්ධි තුනක් අපට හමුවෙනවා
.
පරිගණක ක්ෂේත්රයේ රැකියාවක නියුතු පුද්ගලයෙක් කොළඹ සහ අවට පාසල්වල පිරිමි ළමුන්ව වට්ස්ඇප්
,
ඉන්ස්ටග්‍රැම්
,
ෆේස්බුක් සහ ස්නැප්චැට් සමාජ ජාල ඔස්සේ සම්බන්ධ කරගෙන ඒ අය එක්ක මිතුරු සබඳතා පවත්වගෙන ගිහින් තිබෙනවා
.
ඇතැම් වෙලාවට මේ පුද්ගලයා කාන්තාවක් ලෙසත් තවත් වෙලාවක පිරිමි කෙනෙක් ලෙසත් පෙනී සිටිමින් දරුවන්ව රවට්ටලා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ විඩියෝ ලබා ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළා
.
ඔහු මේ කටයුතු කරලා තිබෙන්නේ රාත්‍රී කාලයේ දී
.
පින්තූර සහ විඩියෝ ඇතැම්විට බය කරලා තවත් අවස්ථාවල තර්ජනය කරලා ලබා ගැනීමෙන් පස්සේ ලංකාවේත් පිටරටත් වෙබ් අඩවි වෙත ලබා දී තිබුණ බව විමර්ශනවල දී අනාවරණය වෙලා තිබෙනවා
.
මේ සිද්ධියෙන් චෝදනා ලබපු පුද්ගලයාට වයස අවුරුදු
21
යි
.
ඒකත් වැදගත්
.
අපි දන්නවා දරුවෙක් මුල්වරට උසස්පෙළ විභාගයට වාඩි වෙන්නෙ වයස
19
දි
. 21
කියන්නෙත් ඒ නිසා මහවයසක් නොවෙයි
.
යාපනය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨය තියෙන්නේ කිළිනොච්චියේ
.
පළමු වසරෙ ශිෂ්‍යාවන්ගෙන් සමහරෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කරපු ජ්‍යෙෂ්ඨයෝ නිරුවත් රූප සහ විඩියෝ වැසිකිලියේ දී පටිගත කරලා එවන්න බලකරලා තියෙනවා
.
මේ පිළිබඳ ව උතුරේ ආණ්ඩුකාරවරිය වගේ ම විශ්වවිද්‍යාලයත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා
.
මේ දරුවෝ
20
–
21
වයස් කාණ්ඩයේ අය හැටියට හඳුනගන්න පුළුවන්
.
ෆේස්බුක්වල පළ වන විවිධ සෞඛ්‍ය උපදෙස් පිළිපදින අය වගේ ම ඒ තොරතුරු නොමසුරුව බෙදා හරින අයත් අපට නිතර හමුවෙනවා
.
ෆේස්බුක් ලිපියක් සහ යූටියුබ් පරිශීලනය කරලා ශරීරසුවතාව වර්ධනය කරගන්න ගජමදාරා ගසේ කොළ බ්ලෙන්ඩ් කර පානය කරපු ගම්පහ තරුණයෙක් පෙබරවාරි
02
වැනිදා මිය ගියා
.
අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ දැක්වෙන්නේ මේ තරුණයා සකස්කරපු යුෂවලින් කොටසක් පානය කරලා ඉතිරිය ශීතකරණයේ පසුව බීමට පරිස්සමට තබා තිබුණු බවයි
.
ඉහත සිදුවීම් තුනට ම පොදු කාරණා කීපයක් තියෙනවා
.
ප්‍රධාන ම දේ මේ හැම සිද්ධියකට ම කේන්ද්‍ර වෙන්නේ සමාජ මාධ්‍ය වීම
.
දෙවන කාරණාව මේ සිද්ධීන්වල අගතියට පත්වුණු පාර්ශ්ව වගේ ම චෝදනාවට ලක් ව සිටින පාර්ශ්වත් තරුණයින් බව
.
මේ සිද්ධි කියවද්දි මෙහෙම වෙන්න පුළුවන් ද මේ තරුණ දරුවෝ මෙච්චර නොදැනුවත් ද කියන ප්රශ්නය හිතට නැගෙනවා
.
කළින් කියපු සිද්ධි සමාජයක් හැටියට අප ව ඇඟිල්ලෙන් ඇනලා අවදි කරනවා
.
මේවා පාලනය කරන්න නීති හදන්න ඕන කියන සරල සිල්ලර විසඳුම බොහෝ දෙනෙක් ඉදිරිපත් කරාවි
.
1983
අප්‍රේල්
5
ස් වැනිදා මතුගම සමන් කුමාර සිසුවා පැහැරගෙන ගිහින් කප්පම් ඉල්ලලා ඝාතනය කරපු වෙලාවෙත් ඒ අදහස ම මතු වුණා
.
මිය යද්දි සමන් කුමාරගෙ වයස අවුරුදු
14
යි
.
2015
මැයි
13
වැනි දා උතුරු පළාතේ පුන්කුඩුතිව් දූපතේ දී සිවලෝගනාදන් විද්‍යා පැහැරගෙන ගිහින් මරාදමද්දිත් ඒ වගේ ම හැගීම්බර සංවාදයක් ඇතිවුණා
.
ඝාතනයට ලක්වෙද්දී විද්‍යාට වයස
18
යි
.
නීතියෙන් පමණක් ඉන්ටනෙට් මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණික ලෝකයේ දරුවන්ට රැකවරණය සලසන්න බැරි බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහත්මයා පැහැදිලි කරනවා
.
සෙවීමක් බැලීමක් නැතිව සමාජ මාධ්‍යවල තිබුණු පලියට ඖෂධීය ගුණ ඇතැයි කියන විවිධ දේ ආහාරයට ගැනීමත් පානය කිරීමත් කොතරම් නොතේරුම් කමක් ද
?
පරිසරවේදී ජගත් ගුණවර්ධන මහත්මයා නිවැරදි ව දක්වා තිබුණු පරිදි අපේ පරිසරයේ බොහෝ ශාඛ වර්ග ඖෂධීය ගුණයෙන් යුක්තයි
.
ඒත් ඒවායේ භාවිතාව ඒ කියන්නේ බාහිරින් පත්තු මැල්ලුම් හැටියට බඳිනව ද ආහාරමය වශයෙන් ගන්නව ද ඒවායේ මාත්‍රාව කොපමන ද යන්න තීරණය කරන්න පුළුවන් වෙන්නේ වෛද්‍යවරුන්ට විතරයි
.
මේ වගේ සිද්ධි ගැන ක්ෂණික ව ආවේග බහුල ව කතා කළත් අපේ අවධානයෙන් මේ සිද්ධි ගිලිහෙනවා
.
ජීවිත ඉදිරියට යනවා
.
වඩා වැදගත් කාරණය අද අපි ඉන්ටර්නෙට් කේන්ද්‍රීය සමාජ මාධ්‍යත් එක්ක සන්නිවේදනයේ සහ ජනජීවිතයේ අලුත් ප්‍රවේශයක් ලබා සිටින බව
.
අපේ දරුවෝ වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කරනවා
.
නිදහස් අධ්‍යාපනයට රටක් වශයෙන් ආයෝජනය කරන ගමන් කුටුම්භයන් හැටියට ටියුෂන්වලට ආයෝජනය කරනවා
.
වෑන් එකක බැරිනම් ත්රීවීලරයකවත් දරුව ව ඉස්කෝලෙ යවනවා
.
පැයකට වරක්වත් දරුවො ඉන්න තැන කරන දෙය දුරකතනයෙන් විමසනවා
.
ඒත් දරුවාට ප්‍රමාණවත් මිත්‍ර සන්ධානයක් තියෙනව ද සමවයස් කාණ්ඩය එක්ක සංවාදයක් තියෙනවා ද කියල හොයන්න අපිට අමතක වෙනවා
.
දරුවට විනෝදාංශ තියෙනවා ද
?
අපි හොයන්නේ නැහැ
.
සමාජ රස්තියාදුව මග හැරුණ දරුවා ඉන්ටර්නෙට් රස්තියාදුවට හුරුවෙන්න ඉඩ තියෙනවා
.
මේක ගැන ලෝකයේ පුරා කෙරුණු අධ්‍යනයන් සහ ඒවායේ ප්‍රතිඵල පහසුවෙන් කියවන්න සොයා ගත හැකියි
.
තරුණ දරුවන් විශේෂයන් ම නහඹුවියේ දරුවන්
,
ඒ කියන්නේ වයස
10
ත්
–
19
ත් අතර පිරිස ඩිජිටල් තාක්ෂණයේ මහිමය වෙන කිසිවෙකුටත් වඩා අත්විඳින්න අවස්ථාව ලැබුණු පිරිසක්
.
ඩිජිටල්කරණය වුණු ලෝකයක ම ඉපදුණු ඩිජිටල් පුරවැසියන් සහ ඊට පෙර ඉපදිලා ඩිජිටල් යුගයට සංක්‍රමණය වුන පිරිස අතර ඇති වෙනස ගැන බොහෝ දෙනා දැනටමත් කියවල තියෙනවා
.
ඒත් අද ඒ කියන්නෙ
, 21
වැනි සියවසේ තුන්වන දශකයේ ඉන්න අපේ නහඹු සහ තරුණ පිරිසගේ අවශ්‍යතා තේරුම්ගන්න වැඩිහිටියො හැටියට අපි ප්‍රමාණවත් අවධානයක් යොමු කරල තියෙනවා ද
?
වඩා වැදගත් කාරණය මේකයි
.
අද ජීවත්වන දරුවන්ව ඉන්ටර්නෙට් ප්‍රවේශයෙන් වළක්වන්න හිතීම ප්‍රායෝගික නැහැ
.
අවශ්‍ය ඉන්ටර්නෙට් සහ එහි විවිධ සන්නිවේදන ප්රවේශයන් සබුද්ධික ව භාවිතය සඳහා දැනුවත් කිරීම
.
සබුද්ධික භාවිතය ගැන දැනුවත් නැති දරුවන් ව අපයෝජනය කරන්න තියෙන ඉඩකඩ පිළිබඳ ව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය
2019
වසරේ පවත්වපු සජීව සමරනායක අනුමස්මරණ දේශනයේ දී හොඳින් ම පැහැදිලි කළා
.
දැනුවත් කිරීම පිළිබඳ සාකච්ඡාව සංස්කෘතික සහ ආගමික කාරණාත් සමග බද්ධ කරලා ඉතාමත් ම හැඟීම්බර තැනකට ගෙනියන්නත් පුළුවන්
.
වයස අවුරුදු
12
ක් පමණ වන දරුවන් සඳහා සැකසුණු හතේ අපේ පොත
,
අතිරේඛ කියවීම් පොත සම්බන්ධ සංවාදය ඒ තත්ත්වයට හොඳ ම උදාහරණය
.
ඒ ගැන අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව දැන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කරුණු විමසමින් පවතිනවා
.
තව විදිහකින් කියනවා නම් ඒ පොත පිළිබඳ කාරණයේ විමර්ශණයත් දැන් පාර්ලිමේන්තුව අතට ගිහින් තියෙනවා
.
මේ වගේ අභියෝගාත්මක අවස්ථාවල වගකිවයුත්තා හොයන්න ගන්න උත්සාහය තවත් සමහරෙකුගෙ ප්‍රවේශයක්
.
එතැනදි අපේ සොෆ්ට් ටාගට් එක නැත්නම් මෘදු ඉලක්කය බොහෝවිට දේශපාලනඥයින්
.
දේශපාලනඥයින්ට නම් මේ ගැන ලොකු හැඟීමක් නැහැ
.
ලංකාව ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හදන්න පටන් ගත්තෙ
2013
දි
.
තාමත් ඉවර නැහැ
. 1987
පළාත් සභා හඳුන්වා දෙද්දි පරිවාස හා ළමාරක්ෂක විෂය පළාත්සභාවලට පැවරුණා
.
පරිවාසගත වෙන්නේ නීතිය ඉදිරියේ වරදකරුවන් වුණු දරුවන් නැත්නම් වින්දිත දරුවන්
.
ඒ දරුවො පුනරුත්ථාපනය කෙරෙන්නේ සහතික කළ පාසල් හරහා
.
ඒත් තවමත් ගැහැණු සහ පිරිමි දරුවන් දෙගොල්ලන්ට ම සහතික කළ පාසල් තියෙන්නෙ ලංකාවේ පළාත්
9
න් එකක විතරයි
.
දරුවො සම්බන්ධ කාරණාවල දී ගුරුවරුන්ට දෙමව්පියන්ට පොදුවේ වැඩිහිටියන්ට සාමූහික වගකීමක් තියෙනවා
.
ඒ වගකීම ඉටුකිරීමේ හොඳ ම ප්‍රවේශය අද
,
නැතිනම්
21
වැනි සියවසේ තුන්වැනි දශකයේ දරුවන් සහ තරුණයින් ගැන අපි අලුතින් හිතන්න පටන් ගැනීම
.