by Staff writer 31-01-2020 | 10:06 PM
COLOMBO (News 1st) : තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 361 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගය විසඳුමකින් තොරව අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 87 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 204 කි.
නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් සිය 7 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 116 ක් රැස් කරගෙන සිටියේ ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් සිය පළමු ඉණිමට රැස් කළ ලකුණු 406 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු ඉණිමට ලකුණු 293 ක් රැස් කළේ ය.
අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ ක්‍රීඩකයින් සිය ඉනිම අත්හිටවූවේ කඩුලු 7 ක් දැවී ලකුණු 247 ක් රැස් කරගෙන සිටියදීයී.
කෙසේ වෙතත් තරගාවලියේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවිය.