ඉන්දියාවේ විරෝධතා අතරතුර පුද්ගලයින් 21ක් මරුට

ඉන්දියාවේ විරෝධතා අතරතුර මියගිය ගණන 21ක් දක්වා ඉහළට

by Staff writer 27-12-2019 | 7:49 AM
COLOMBO (News 1st) ඉන්දියාවේ ආන්දෝලනාත්මක පුරවැසි පනතට එරෙහිව ක්‍රියාත්මක විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ, පවතින විරෝධතා උත්සන්න විම හමුවේ යළිත් වරක් උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක අටක අන්තර් ජාල සේවා අවහිර කිරිමට ප්‍රාන්ත බලධාරින් පියවර ගෙන ඇති බවයි. අද දිනයේදි මුස්ලිම් පල්ලිවල සිකුරාදා දේව මෙහෙයෙන් අනතුරුව විරෝධතා තවදුරටත් උත්සන්න විමේ ප්‍රවණතාවක් පවතින් බැවින් උත්තර ප්‍රදේශ් ප්‍රන්තයේ බොහෝ ප්‍රදේශ වලට අතිරේක පොලිස් බල ඇණි යේදවිමට පියවර ගෙන ඇති බව සඳහන් ය. පවතින තත්ත්වය නිරීක්ෂණය කිරිමේ අරමුණින් බොහෝ ප්‍රදේශ වල කැමරා සහිත ඩ්‍රෝන යානා යොදවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර විරොධතා අතරතුර රාජ්‍ය දේපළවලට හානි කරන පුද්ගලයින් 200කගේ පමණ දේපළ රාජ සන්තක කිරිමට තීරණය කර ඇතැයි උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජය පවසයි.