ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට

පකිස්ථානයේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට

by Staff writer 25-12-2019 | 9:35 AM

COLOMBO (News 1st) - තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා පකිස්ථානයේ සංචාරයක නිතර වූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණ තිබේ.

දෙරට අතර පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වූ අතර දෙවැනි ටෙස්ට් තරගය පකිස්ථානය ලකුණු 263 කින් ජය ගත්තේ ය. ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් වසර 10 කට පසු පකිස්ථානයේ ටෙස්ට් තරගාවලියකට එක් වූ පළමු අවස්ථාව මෙයයි. 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට පකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිසිදු කණ්ඩායමක් පකිස්ථානයේ සංචාරයක නිරත වූයේ නැත. පකිස්ථානයට නැවතත් ටෙස්ට් ක්‍රිකට් ආගමනය සිදු කරමින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම එරට සංචාරයක නිරතවීම පිළිබඳව පකිස්ථාන ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ප්‍රසාදය ද හිමිවිය.