ගංවතුර ප්‍රදේශවල ජනතාවගේ සහයට නාවික හමුදාවේ සහය

ගංවතුරින් පීඩාවට පත් ජනතාවගේ සහයට නාවික හමුදා කණ්ඩායම් 13 ක්

by Staff writer 22-12-2019 | 3:45 PM

COLOMBO ( News 1st ) - ගංවතුර අවදානමට ලක්ව ඇති ප්‍රදේශවල ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව සහන කණ්ඩායම් 13ක් යොදවා ඇතැයි නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව සඳහන් කළේ, කුඩා යාත්‍රා 15ක් ද ඒ සඳහා යොදවා ඇති බවයි. නවගත්තේගම, සාලියවැය, එළුවන්කුලම, පොළොන්නරුව, කිරාන්, පුනානි, කතරගම , පානම ඇතුළු ප්‍රදේශවල මෙම කණ්ඩායම් යොදවා තිබේ. ඒ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මතයි.