ඉදිරි පැය කිහිපයේ පළාත් කිහිපයකට මහ වැසි

ඉදිරි පැය කිහිපයේ පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

by Staff writer 09-11-2019 | 5:32 PM
COLOMBO (News 1st) : ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ අද රාත්‍රි 11 පමණ වන තෙක් එම තත්ත්වය පැවතිය හැකි බවයි. සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව , වයඹ  සහ උතුරු මැද පළාතටත් වවුනියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලටත් එම ගිඟුරුම් සහිත වැසි පවතිනු ඇති. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 - 75 ත් අතර තරමක තද වැසි ඇතිවිය හැකි වේ. අකුණු අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.