ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිරට

ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිරට

by Staff writer 27-10-2019 | 9:07 PM
COLOMBO (News 1st) : බස්නාහිර පළාත 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගත්තේ ය. 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ක්‍රීඩා උළෙල සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්නේ , එම්.ටී.වී - එම්.බී.සී මාධ්‍ය ජාලය ප්‍රමුඛ ''චැම්පියන්ස් නෙට්වර්ක්'. ක්‍රීඩා උළෙල අද අවසන් වූයේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විචිත්‍රවත් සමාප්ත උත්සවයකින් අනතුරුවයි. මේ අතර ඉසව් කිහිපයක අවසන් තරගද එම සමාප්ත උත්සවයට ඇතුළත් විය. මීටර් 100 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ බස්නාහිර පළාතේ ඩබ්ලිව්. වී.එල් සුගන්ධි 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්හ. මේ අතර උස පැනීම ඉසව්වේ රන් පදක්කම දිනූ බස්නාහිර පළාතේ යූ තිවංක පෙරේරා දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ය. ක්‍රීඩා උළෙලේ අනුශූරතාව හිමි වූයේ රන් පදක්කම් 51ක්, රිදී පදක්කම් 38ක් සහ ලෝකඩ පදක්කම් 60ක් දිනූ මධ්‍යම පළාතටයි. රන් පදක්කම් 99ක්, රිදී පදක්කම් 78ක් සහ ලෝකඩ පදක්කම් 60ක් දිනා ගත් බස්නාහිර පළාත 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගත්තේ ය.