by Staff writer 16-10-2019 | 4:09 PM
COLOMBO (News 1st) - කොළඹ කසළ යළි අරුවක්කාලු කසළ රඳවනයට බැහැර කිරීමට අවසර ලබා දී තිබේ.
මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසුවේ, කොළඹ නගරාධිපතිනිය පසුගියදා අරුවක්කාලු කසළ රඳවනය පිළිබඳව කළ විවේචනාත්මක කරුණු දැක්වීම හමුවේ කසළ බැහැර කිරීම ඊයේ අත්හිටවූ බව ය.
එහෙත් නගර සභා නිලධාරීන් අදාළ ප්‍රකාශය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කිරීමත් සමග යළි ඒ සඳහා අවසර ලබා දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.