by Staff writer 02-08-2019 | 4:01 PM
COLOMBO (News 1st) - නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ඇතුළත්ව තිබූ පන්දුවාර විස්ස විස්ස තරගාවලියට අයත් තරග 3ම මහනුවර පල්ලේකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මීට පෙර පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ මුල් තරග දෙක පැවැත්වීමට නියමිතව තිබුණේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.
තව ද නව තරග කාලසටහනට අනුව දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය සැප්තැම්බර් මස පළමු වන දාත් දෙවන තරගය සැප්තැම්බර් මස 3 වන දාත් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
3 වන හා අවසන් තරගය පෙර සැලසුම් කළ පරිදිම සැප්තැම්බර් මස 6 වන දා පැවැත්වීමට නියමිත ය.