ලතීෆ්‍ට ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානයෙන් ගෞරව සහතිකයක්

STF අණ දෙන නිලධාරී ලතීෆ්‍ට ටයිකොන්ඩෝ කළු පටි 5 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමි වෙයි

by Staff writer 26-03-2019 | 3:34 PM
COLOMBO (News 1st) - පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට ටයිකොන්ඩෝ කළු පටි 05 වන ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමි විය. ඊයේ කොරියානු තානාපති කාර්යාලයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම ගෞරව සම්මානය පුද කරනු ලබුවේ කොරියානු තානාපතිවරයා විසිනි. ටයිකොන්ඩෝ ක්‍රිඩාවට කළ මෙහෙවර වෙනුවෙන්, නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට කොරියානු ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානය විසින් මෙම සහතිකය ප්‍රධානය කළ අතර, එම අවස්ථාවට ලෝක ටයිකොන්ඩෝ මූලස්ථානයේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ. ලතීෆ් මහතා ටයිකොන්ඩෝ ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨව තිබුණේ, 1989 වසරේදී ය. මෑත ඉතිහාසයේදී මත්කුඩු ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කෙරුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ නායකත්වයෙන් යුත් පොලිස් විශේෂ කාර්ය බලකාය මගිනි.