ජොකොවිච් මයාමි ටෙනිස් තරගාවලියේ අවසන් 16 වටයට

ජොකොවිච් මයාමි ටෙනිස් තරගාවලියේ අවසන් 16 වටයට

by Staff writer 26-03-2019 | 11:11 AM
 ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් මයාමි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ තරගාවලියේ අවසන් 32 නාගේ වටයේදී ආර්ජන්ටිනාවේ ෆෙඩෙරිකෝ ඩෙල්බොනිස්ව පරාජය කරමිනි. මයාමි විවෘත ටෙනස් තරගාවලිය ෆ්ලෝරිඩාහිදී පැවැත්වේ. එහි පිරිමි කේවල අංශයේ අවසන් 32 නාගේ වටයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් සමග තරග වැදුණේ, ආර්ජන්ටිනාවේ ෆෙඩෙරිකෝ ඩෙල්බොනිස් ය. ජොකොවිච් තරගයේ පළමු වටය ජය ගත්තේ ලකුණු 7 ට 5 ක් ලෙසයි. නමුත් ලකුණු 6 ට 4 ක් ලෙස තරගයේ දෙවන වටයේ ජය හිමිකර ගැනීමට සමත්වුණේ, ෆෙඩෙරිකෝ ඩෙල්බොනිස් ය. නැවතත් ක්‍රියාත්මක වූ ජොකොවිච් තරගයේ තුන්වන වටය ලකුණූ 6 ට 1 ක් ලෙස ජය ගත්තේ ය. ඒ අනුව තරග වට 2 ට 1 ක් ලෙස ආර්ජන්ටිනාවේ ෆෙඩෙරිකෝ ඩෙල්බොනිස්ව පරාජය කරමින් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් මයාමි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.