by Sagarika Chathumali 27-02-2019 | 3:22 PM
COLOMBO (News 1st) : බිබිල ප්‍රදේශයේ පාසලක සිසුන් 11 දෙනෙකු ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
ඉන් 8 දෙනෙකු සිසුවියන් ය.
අප වාර්තාකරු සඳහන් කළේ, 7 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් එලෙස රෝහල්ගත කර ඇති බවයි.
ඊයේ දිනයේදී ද එලෙස රෝගී වූ දරුවන් 12 දෙනෙකු බිබිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
එවැනි ආසත්මිකතාවක් ඇතිවීමට හේතුව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.