ස්ටීව්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තනතුරක්

ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කෙරේ

by Staff writer 08-12-2018 | 12:53 PM

COLOMBO (News 1st) - හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, ඔහු ලබන 24 වැනි දා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි. ඔහු ලබන වසරේ පැවැත්වීමට නියමිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු කිරීමට නියමිත බව ක්‍රිකට් ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් විය.