නාවිකයන් පැරදු හැව්ලොක් කණ්ඩායමට ජයක්

ලීග් රග්බි තරගාවලියේ නාවිකයන් පැරදු හැව්ලොක් කණ්ඩායමට ජය

by Staff writer 24-11-2018 | 9:01 AM

COLOMBO (News 1st) - අන්තර් සමාජ චැම්පියන්ස් ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම සමග පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජය විය.

මෙම තරගය කොළඹ හැව්ලොක් පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණි. තරගාවලියේ තෙවැනි සතියට අදාළ තරගයක් වූ මෙය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ සත්කාරක හැව්ලොක් කණ්ඩායමයි. ඔවුන් ලකුණු 12 ට 6 ක් ලෙස පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ය. දෙවැනි අර්ධයේදී නාවික හමුදාව ලකුණු අතරට පිවිසියේ ලකුණු 12 ක් රැස් කරමිනි. එම අර්ධයේදී හැව්ලොක් කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 10 ක් පමණි. කෙසේ නමුත් පළමු අර්ධයේදී ලකුණු 6 ක් ඉදිරියෙන් සිටීම හේතුවෙන් ලකුණු 22 ට 18 ක් ලෙස හැව්ලොක් කණ්ඩායම ජය ගත්තේ ය. උත්සාහක දිනුම් 3 ක්, ප්‍රවර්ථන 2 ක් සහ දඬුවම් පහරක්, හැව්ලොක් කණ්ඩායම රැස් කළ ලකුණු 22 ට ඇතුලත් වේ.