ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

by Staff writer 18-11-2018 | 11:04 AM

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය අද ලකුණු 57 කින් ජය ගෙන තිබේ.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත් විණි. පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 290 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 336 යි. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලකුණු 346 ක් රැස් කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 301 කි. තරගය අද පස් වැනි දිනයට ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 226 ක් රැස් කර ගෙන සිටියේ ය. ශ්‍රී ලංකා කණ්ඩායමට අද සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 243 ක් පමණි.