කෝලි ඉන්දියාවේ ඉහළ ම සම්මානයට පාත්‍ර වෙයි

විරාත් කෝලි, රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් පිදුම් ලබයි

by Staff writer 25-09-2018 | 10:18 PM
(News 1st) - ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි, රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් අද පිදුම් ලැබුවේ ය. ඉන්දීය රජය මගින් එරට ක්‍රීඩකයෙකුට පිරිනමන ඉහළ ම සම්මානය වන්නේ මෙයයි. ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාශ්ට්‍රපති භවන්හිදී අද පැවැති උත්සවයේදී මෙම සම්මානය ප්‍රදානය කර තිබේ. මීට පෙර රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයින් වන්නේ සචින් තෙන්ඩුල්කාර් සහ මහේන්ද්‍ර සිං දෝනි පමණයි. 29 හැවිරිදි කෝලි මීට පෙර අර්ජුන සහ පද්ම ශ්‍රී සම්මානවලින් ද පිදුම් ලබා තිබේ. මේ අතර බර ඉසිලීමේ ලෝක ශූර මීරාබායි චානුට ද අද දිනයේදී රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානය පිරිනැමිණි.