ක්‍රිකට් ලෝක කුසලානය අද ගාලු මුවදොරදී ප්‍රදර්ශනයට

2019 ක්‍රිකට් ලෝක කුසලානය අද ගාලු මුවදොරදී ප්‍රදර්ශනයට

by Staff writer 22-09-2018 | 10:45 AM

COLOMBO (News 1st) - 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට හිමිවන කුසලානය කොළඹ ගාලු මුවදොරදී අද ප්‍රදර්ශනය කෙරේ.

ඒ, එම කුසලානය ලොව පුරා රැගෙන යන චාරිකාවේ එක් පියවරක් ලෙසිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, අද පස්වරු 4.00 සිට ක්‍රිකට් ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත බවයි. මේ අතර පිළිවෙලින් කෑගල්ල සහ සීගිරියේදී හෙට සහ අනිද්දා එම කුසලානය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ.