ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව තවමත් පෙරමුණේ..

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව තවමත් පෙරමුණේ....

by Staff writer 13-09-2018 | 6:21 AM
COLOMBO (News 1st) : නවතම අන්තර්ජාතික ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි සිව්වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට එංගලන්තය සමත්ව තිබේ. ඒ, ඉන්දියාව සමග නිමා වූ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගැනීමත් සමගයි. නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කරනු ලැබී ය. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කීරීම්හි පස්වන ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායම නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි. ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරග 5 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 4 ට 1 ක් ලෙස ජය ගැනීම හේතුවෙන් මෙලෙස එංගලන්ත කන්ඩායම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. එංගලන්ත කණ්ඩායමට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 105කි. කෙසේ වෙතත් නවතම ශේණිගත කීරීම්වල තවමත් පෙරමුණ හිමිකර ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 115 ක් හිමිකරගෙන සිටින ඉන්දීය කණ්ඩායමයි. ප්‍රසාද ලකුණු 106 ක් හිමිකරගෙන සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රේණිගත කීරීම්වල දෙවන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රේණිගත කීරීම්වල හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.