මෙරට ක්‍රීඩකයින්ගේ කඳුළුවලට වගකිව යුත්තේ කවුද?

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ කඳුළුවලට වගකිව යුත්තේ කවුරුන් ද?

by Staff writer 27-08-2018 | 10:14 PM

COLOMBO (News 1st) - ආසියානු ක්‍රීඩා උළෙලේ මෙතෙක ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් හිමි ව නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු වූයේ කාගේ වරදින් ද? මීටර් 400 මිශ්‍ර සහය ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමිව යන්නේ බලධාරීන්ගේ නොසැළකිළිමත්කම හේතුවෙනි. මෙම සහය ඉසව්ව වෙනුවෙන් උපමාලිකා රත්නකුමාරිගේ නම පමණක් ඇතුළත්ව තිබීම හේතුවෙන් මෙම අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව ගියේ ය. එසේම උස පෑනීමේ ජාතික ශූරයා වූ උෂාන් තිවංක පෙරේරාගේ නම ද ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේදී ඇති වූ දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තව ත් පදක්කම් බලාපොරොත්තුවක් අහිමිවී ගියේ ය. බැඩ්මින්ටන් තරග සඳහා එක් වූ බුවනෙක ගුණතිලකට ද සිය ඉසව්වට සහභාගීවීමට තිබු අවස්ථාව අහිමිව ගියේ ය. එසේම බොක්සිං තරග සඳහා එක් ව කණ්ඩායමේ යුක්රේන ජාතික පුහුණුකරු වෙනුවට හර්ෂ කුමාර පුහුණුකරුවෙකු ලෙස එක්වීම වයාර්තවන්නේ නිසි ක්‍රියාමාර්ග නිසිපරිදි සිදු නොකිරීම හේතුවෙනි. මෙවන් තත්ත්වයක් තුළ ඉන්දුනිසියාවේ ජකර්තා නුවරින් අද අසන්නට ලැබුණේ ශ්‍රී ලංකා දිගු දුර ධාවන ශූරී නිමාලි ලියනාරච්චි මෙම තරගාවලිය තුළ මුහුණ දුන් අවසනාවන්ත අත්දැකීමයි. https://www.facebook.com/NewsfirstSL/videos/310787423010929/