ආ. අභියෝගතා කුසලාන වොලිබෝල් තරගයට දින නියම වෙයි

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට දින නියම වෙයි

by Staff writer 16-08-2018 | 8:21 AM

COLOMBO (News 1st) - ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විය. ආසියානු කලාපයේ කණ්ඩායම් 7 ක් සහභාගී වන මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. ශ්‍රී ලංකාවේදී මෙවැනි ප්‍රධානපෙළේ වොලිබෝල් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ මෙම ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම දැනට ආසියානු ශ්‍රේණිගත කිරීම් හි 14 වැනි ස්ථානයේ පසුවන අතර මෙම තරගාවලියේ පළමු හා දෙවැනි ස්ථාන ජයග්‍රහණය කළහොත් ආසියානු ශ්‍රේණිගත කිරීම් හි 7 හෝ 8 වැනි ස්ථානය සඳහා පැමිණීමට ඔවුන්ට හැකි වනු ඇති.