by Chathuranga Rajapaksha 07-04-2018 | 7:06 AM
COLOMBO (Newsfirst) - බුලත්සිංහල - අගලවත්ත මාර්ගයේ කලවැල්ලාව ප්රදේශයේදි මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පිය පුතු දෙපළක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාලමක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.
අනතුරින් මියගිය පුත්රයාගේ අවුරුදු 11 ක් වයසැති දියණිය හා අවුරුදු 12 වයසැති පුත්රායා ද බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.
මියගිය පිය පුතු දෙදෙනාගේ වයස අවුරුදු 92 ක් හා 51 කි.
ඔවුන් බේරුවල, පුස්සල මුල්ල ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
51 හැවිරිදි මියගිය පුද්ගලයා ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.